Saturday, February 1, 2025

General line - 0115112241

බහාලුම් තදබදය නැති කරන්න රේගුවෙන් සිව් දින මෙහෙයුමක්




බහාලුම් තදබදයට විසඳුමක් ලෙස දින 04ක නිෂ්කාශනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

ඒ අනුව සියලු සියලු පරීක්‍ෂණ අවසන් කර දැනට සිරවී ඇති බහාලුම් ලබන ඉරිදා වන විට නිදහස් කිරීමට අපේක්‍ෂා කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

මේ වන විට වරායේ නිෂ්කාශනය කිරීමට ඇති බහාලුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් නෙත් නිවුස් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක්ද කළා.