Saturday, February 1, 2025

General line - 0115112241

බියෙන් තොරව තොරතුරු දෙන්න ජනතාවට පොලීසියෙන් නව අංකයක්




කිසිදු සැකයකින් තොරව තොරතුරු ලබා දීමට පොලීසිය විසින් ජනතාව වෙත 19 97 කෙටි දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් තොරව තොරතුරු ලබාදිය හැකි බවයි පොලීසිය පැවසුවේ. 

එහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයට අනියුක්තව කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි විශේෂ කාර්යංශ මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. 

එම දුරකතන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, මහා පරිමාණ දූෂණ ක්‍රියා, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා, රජයේ වාහන හා දේපළ අවභාවිතා කිරීම, සැඟවීම හෝ පැහැරගැනීම සම්බන්ධ තොරතුරු එම දුරකතන අංකය අමතා ලබාදිය හැකි වනවා. 

එමෙන්ම විදේශ සංචාරකයින්ට සිදු වන හිරිහැර, කරදර හෝ ආරක්‍ෂාවට බලපාන කරුණු සම්බන්ධව තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක නවක වදය, පොලිස් නිලදාරීන් විසින් සිදුකරන ලබන වංචා, අල්ලස් ලබාගැනීම, පරිසර වැරදි සහ වෙනත් වැදගත් තොරතුරු 19 97 කෙටි දුරකතන අංකය ඇමතීමෙන් ලබාදිය හැකි වනවා.