Saturday, July 27, 2024

General line - 0115112241

මල්වතුහිරිපිටියේ පාසලකින් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනේ




ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ලද තොරතුරක් අනුව පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ ආපන ශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

අදාළ මත්ද්‍රව්‍ය වෙනත් පාර්ශවයක් විසින් රැගෙනවිත් ආපන ශාලාව තුළ තැබුවා දැයි සැකයක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සදහන් කළේ.