Thursday, April 25, 2024

General line - 0115112241

වී මිල වැටෙද්දී සහල් ආනයනය සීමා කිරීමට රජයේ අවධානය




සහල් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැනසුවේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ලබන සතිය වන විට තීරණයක් ගන්නා බවයි.

ලබන ජනවාරි මාසය මැද වන විට මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වන බැවින් දහල් ආනයනය නතර කළ යුතු බව පාර්ශව ගණනාවක් පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් නෙතච් නිවුස් කළ කරුණු විමසීමකදී අමා්‍ය නලින් ප්‍රනාන්දු මෙම අදහස් පළ කළා.

සහල් ආනයනය හේතුවෙන් වී මිල පහත වැටී ඇති බවයි ගොවී සංවිධාන මෙන්ම සහල් ව්‍යාපාරිකයින්ද පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන අදහස් දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීම හේතුවෙන් වී මිල එලෙස පහළ ගොස් ඇති බවයි. 

මේ අතර සහල් ව්‍යාපාරික ලංකේෂ්වර මිත්‍රපාල පැවසුවේ සහල් ආනයනය දැන් සිටම නතර කළහොත් ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 125 ක පමණ මිලක් ලබාදිය හැකි බවයි.