Wednesday, April 24, 2024

General line - 0115112241

දැනුමෙන් හෙඹි සිසුන් විශ්වවිද්‍යාලය තුලට පැමිණිය ද ඔවුන්ගේ ආකල්ප සහ කුසළතාවල යම් අඩුවක් ලැබෙනවා



යම් වර්ගීකරණයක් යටතේ ළමුන් ඛාණ්ඩගත කර උසස් පෙළ තුළ ඉගැන්වීම් දක්නට නොලැබෙන බව කැළණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ පවසනවා.

විශ්වවිද්‍යාල ඉලක්ක කරගනිමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මුලුමනින්ම කේන්ද්‍රගත කර ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුලු අධ්‍යාපනඥයින්ගේ මනසද සකස්වී ඇති බවයි ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් පැවසුවේ.


දැනුමෙන් හෙඹි සිසුන් විශ්වවිද්‍යාලය තුලට පැමිණිය ද ඔවුන්ගේ ආකල්ප සහ කුසළතාවල යම් අඩුවක් දක්නට ලැබෙන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ කතිකාචාර්ය ඩබ්ලිව් එම් කල්‍යාණි විජේසුන්දර පැවසුවේ.