Thursday, March 28, 2024

General line - 0115112241

පළාත් පාලන ඡන්දයට තීරණයක් ගනී




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය මෙම මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේ පලාත් පාලන ඡන්ද විමසීම් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව එලෙස දින නියම කිරීම සිදුකරන බවයි.

කොළඹ මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව 19 ක්. ගම්පහ මැතිවරණ කොට්ඨාශයට මන්ත්‍රීවරුන් 18 ක්, කුරුණෑගල මැතිවරණ කොට්ඨාශයට මන්ත්‍රීවරුන් 15 ක් තෝරාපත් කර ගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මහනුවර මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරුන් 12 ක්, රත්නපුර මැතිවරණ කොට්ඨාසය සදහා මන්ත්‍රීවරුන් 11 සහ කළුතර මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරුන් 10 ක් තෝරා ගැනීමට නියමිතයි.