Saturday, April 20, 2024

General line - 0115112241

දරුවන් ඇබ්බැහි වන්නේ ඇයි ?



දරුවන් ඇබ්බැහි වන්නේ ඇයි ? මත්පැන්, මත්ද්‍රව්‍යවලට පමණක් නොව වෙනත් ඕනෑම දෙයකට, ඕනෑම පුද්ගලයෙකු ඇබ්බැහි විය හැකි බව ඔබ දැන සිටියාද ?

විවිධ ඇබ්බැහිවීම්වලට බලපාන සාධක සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

පුද්ගලයාගෙන් පුද්ගලයාටත්, මානසික මට්ටම අනුවත් ඇබ්බැහිවීම් ඇතිවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

බොහෝ ඇබ්බැහිවීම්වලට දරුවන්ගේ හෝ පුද්ගලයින්ගේ මානසික තත්ත්වය බිඳවැටීම ප්‍රධාන හේතුවක් වන බවද මෙහිදී පෙන්වා දුන්නා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.