Friday, March 29, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ යළිත් වෙඩි තැබීමක්




අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වෙඩි තැබීම සිදුව ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරට ආසන්න ප්‍රදේශයක ස්ථාන 02 කදීයි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 67 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරට ආසන්න මොන්ටෙරේ උද්‍යානයේදී ඉකුත් දා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට දින 02 ක් ගතව යන අනතුරයි. එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.