Wednesday, May 8, 2024

General line - 0115112241

පොලී අනුපාත අඩු කළ හැකි වකවානුව ගැන මහ බැංකුවෙන් අනාවරණයක්




ඉදිරි මාස 6 තුළ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ පවසනවා.

ඉන්දියාව දැනටමත් ඒ සඳහා සහය වීමට පොරොන්දුවීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල යහපත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ. 

මේ අතර චීනයේ අපනයන - ආනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2 යි දශම 9 ක ණය සහනයක් ලබා ගැනීම සඳහා  චීනය ශ්‍රී ලංකාවට සහය පළ කර ඇති බවයි.