Thursday, March 28, 2024

General line - 0115112241

මගීන් ගෙවන මුදලට සරිලන සේ දුම්රිය සේවය නවීකරණය විය යුතුයි - ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්




මගීන් ගෙවන මුදලට සරිලන සේවාවක් ලබාදීම සඳහා දුම්රිය සේවය නවීකරණය විය යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ බහුතරයක් ද එකඟතාව පළ කර ඇති බවයි.

මගීන්ට දුරගමන් සේවා බස් රථ සඳහා කිව් ආර් ඛේතය හරහා ගෙවීමේ ක්‍රමය මාස 03 ක් තුළ සිදුකිරීමට අවස්ථාව සලසාදීමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.