Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත නව අගමැති දිවුරුම් දෙයි




නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම්දී තිබෙනවා. ඔහු එලෙස දිවුරුම්දී ඇත්තේ එරට 41 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

වොලින්ටන් අගනුවරදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම්දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වයස අවුරුදු 44 ක් වන ක්‍රිස් හිප්කින්ස් අධ්‍යාපන සහ පොලිස් අමාත්‍ය ධූරය මීට පෙර හොඹවනු ලැබුවා. ඔහු කම්කරු පක්ෂයේ නායකයා ලෙසද පත්ව තිබෙනවා.

ඔක්තෝම්බර් මාසය දක්වා ඔහු නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. නවසීලන්තයේ මීලග මහ මැතිවරණය ලබන ඔක්තෝම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතයි.