Friday, March 29, 2024

General line - 0115112241

භාණ්ඩ වර්ග 6 ක මිල හෙට සිට පහළට




පාරිභෝගික භාණ්ඩ 6 ක මිල ගණන් හෙට සිට පහළ දමන බව ලංකා සතොස පවසනවා. ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 30 කින් පහළ දමන බවයි ලංකා සතොස පැවසුවේ. එහි නව මිල රුපියල් 1,700 ක් වනවා.

දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමන අතර එහි නව මිල වන්නේ රුපියල් 169 ක්. රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 179 ක් වනවා. ඒ, එම සහල් කිලෝග්‍රෑමයක මිල හෙට සිට රුපියල් 8 කින් පහළ දැමීම හේතුවෙන්. දේශීය සුදු නාඩු කිලෝග්‍රෑමයක් ද රුපියල් 5 කින් පහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 184 ක්.

රුපියල් 4 කින් කීරි සම්බා කිලෝග්‍රෑමයක් හෙට සිට පහළ දැමීම හේතුවෙන් රුපියල් 235 ක මුදලකට එම සහල් කිලෝවක් මිලදීගත හැකි වනවා.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක් ද හෙට සිට රුපියල් 5 කින් පහළ දැමෙනවා. ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 365 ක මුදලකට මිලදීගත හැකි බවයි ලංකා සතොස වැඩිදුරටත් පැවසුවේ.