Thursday, May 2, 2024

General line - 0115112241

ජපානයේදී මුහුදු බත්වූ නෞකාවක සිටි නාවිකයින් සොයා මෙහෙයුම්




ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් මුහුදුබත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ හොංකොංහි ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස මුහුදුබත්වී ඇති බවයි.

ටොන් 6,551 ක් බරැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වන විට එහි කාර්්‍යයමණ්ඩලයේ 22 දෙනෙකු සිට තිබෙනවා. ඔවුන්ගෙන් 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර ඉතිරි 8 දෙනා මියන්මාර ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

අසල තිබූ යාත්‍රා මඟින් කාර්්‍යයමණ්ඩලයේ පස්දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 8 දෙනෙකු ජපන් සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක භටයින් විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන්වූ කාර්්‍යයමණ්ඩලයේ අනෙක් 09 දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.