Saturday, July 27, 2024

General line - 0115112241

මැතිවරණයක් පැවැත්වීම සුදුසුද ? මහ බැංකු අධිපතිගෙන් උත්තර




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවශ්‍ය ණය මුදල ලබන මාසය තුළ ලබාගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කරනවා. මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙවන් අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද ? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ මහ බැංකු අධිපතිවරයා. 

මැතිවරණ පැවැත්වුණත්, නැතත් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල එලෙසම පවත්වාගෙන යායුතු බවද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු සියයට 14 යි දශම 5 කින් සහ නිත්‍ය ණය පහසුකම් සියයට 15 යි දශම 5 ක අගයක පවත්වාගෙන යාමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී.පත්බේරිය.