Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය සඳහා වැය වන මුදල ගැන මන්ත්‍රී මනෝ කතා කරයි




පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට මෙන්ම දේශපාලන පක්ෂවලටද විශාල මුදලක් වැය වන බව දමිල ප්‍රගතිශීලී සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

ඔහු සඳහන් කළේ පෙබරවාරි 10වනදා අධිකරණ තීරණයෙන් පසු මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ තීරණයක් ගත හැකි බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට ඇති සම්භාවිතාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

ඉහළ නංවා අය කර ගන්නා බදු වලින් සිදු කරන කාර්යය පිළිබඳ ජනතාවට සැකයක් ඇති බවයි ඔහු පැවසුවේ. 

දමිල ප්‍රගතිශීලී සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්    යූ ටියුබ් නාළිකාවෙන් නැරඹිය හැකියි.