අවශ්‍ය මොහොතකදී අමෙරිකාවට එරෙහිව සටන් වැදීමට උතුරු කොරියාව සිවිල් බලඇණියක් නිර්මාණය කරමින් සිටිනවා. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ එරට පුරවැසියන්ගෙන් අට ලක්ෂයක පමණ පිරිසක් අමෙරිකාවට එරෙහිව සටන් කිරීම සඳහා හමුදාවට එක්වීමට ඉදිරිපත් වී සිටින බවයි.
කෙසේවෙතත් එම පිරිස අතර සිසුන් සහ කම්කරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. නායක කිම් ජොන් අන්ගේ දැඩි විරෝධය නොතකා අමෙරිකාව හා දකුණු කොරියාව එක්ව ආරම්භ කර ඇති හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව සිය සිවිල් බලඇණිය සම්බන්ධයෙන් අනාවරණ කර තිබෙනවා.
අමෙරිකාවට හා දකුණු කොරියාවේ හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව ඉකුත්දා අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් ද මුදා හැරියා.