Monday, March 27, 2023

General line - 0115112241

ජාතික ජනබල වේගයෙන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පවත්වන්නැයි ජාතික ජන බලවේගය ආණ්ඩුවෙන් යළිත් ඉල්ලීමක් කරනවා. මේ, මාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ විධායක සභික බිමල් රත්නායක. 

ආණ්ඩුව සහ අදාළ බලධාරීන් විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පැවසුවේ.

ඡන්ද දායකයාට නිදහසේ සිය මතය ප්‍රකාශ කිරීමට සුදුසු වටපිටාවක් සැකසීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතු බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන.