Thursday, April 25, 2024

General line - 0115112241

පුටින් යුක්රේනයේ යුද කලාපයටත් යයි




යුක්රේනයේ පිහිටි රුසියාවට අයත් ක්‍රයිමියාවට පැමිණ සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රයිමියා බලධාරීන් ද පුදුමයට පත් කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේන භූමියට පැමිණ ඇත්තේ අනපේක්ෂිත අයුරින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ක්‍රයිමියාවේ ස්ථාන කිහිපයක සංචාරය කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහි සිට හෙලිකොප්ටර් යානයකින් යුක්රේනයේ මරිපෝල් වෙත පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේනයේ නැගෙනහිර කලාපයට අයත් මරිපෝල් නගරය ඉකුත් මැයි මාසයේදී රුසියානු හමුදාව යටතට පත්වුණා. එහි පැමිණි රුසියානු ජනාධිපතිවරයා මෝටර් රථයක නැගී නගරය පුරා සංචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම ගමනේදී ස්ථාන කිහිපයක රැඳී සිටි රුසියානු ජනාධිපතිවරයා නගරයේ වෙසෙන ජනතාවගේ සුවදුක් විමසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.