Wednesday, November 29, 2023

General line - 0115112241

18 වංගුව යළි වැසේ




මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව කොටස යළි වසා දමා තිබෙනවා. අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා එම මාර්ග කොටස වසා දැමෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

පස්කන්ඩි කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ අවධානම හේතුවෙන් ඊයේ පස්වරුවේ එම මාර්ගය වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ අද උදෑසන කාලයේදීයි.