Friday, March 29, 2024

General line - 0115112241

ආයෝජන සහ ව්‍යාපාර සඳහා හිතකර තවත් නීති ගෙන ඒමට ආණ්ඩුවෙන් සැලසුම්




ආයෝජන හා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීමට අදාළ නීති රීති ගෙන ඒමට ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහනේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එක් වෙමින් ඔහු මේබව කියා සිටියා.

වසර 2ක් පමණ කාලයක් ඇතුළත මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එහිදී පෙන්වා දුන්නේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන ඊයේ ආරම්භ වුණේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්. දෙමටගොඩ, නාරාහේන්පිට සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ දිනයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

2022, 2023 මහ කන්නයේ වී මිලදී ගැනීම සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 2ක් සඳහා නොමිලේ බෙදා දීමටයි පියවර ගෙන ඇත්තේ.