Wednesday, May 8, 2024

General line - 0115112241

2049ට පෙර රට දියුණු කරන හැටි ජනපති පෙන්වා දෙයි




නිවැරදි දේ සිදු කිරීමෙන් වසර 25ක් ගත වීමට පෙර රටේ විශාල දියුණුවක් ඇති කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට දියුණු කිරීමට දැන් ඉතිරිව ඇත්තේ එම මාර්ගය පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම, තමන් ජනාධිපතිධූරය දරන තාක්කල් කිසිවෙකුට නීතිය හා සාමය කඩ කිරීමට ඉඩ නොතබන බවද අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. 

මත් ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා දැඩි නීති ගෙන ඒමට අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.