Friday, April 26, 2024

General line - 0115112241

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය




වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ ඊයේ බදුල්ලේදී සංවිධාන කර තිබූ රථ පෙළපාලියකදී ජීප් රථයක් පෙරළිමෙන් සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි වීමේ සිදුවීමත් සමඟයි.

ඒ අනුව, වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. 

පාසැල් සිසුන් පිරිසක් ඊයේ දිනයේ රථ පෙළපාලියෙන් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි හරවා යැවීමට පොලිසිය කටයුතු කළා.

එවන් පසුබිමක් තුළයි අදාළ සිසුන් හිස් ඉඩමක රථ පෙළපාලිය අපරීක්ෂාකාරී ලෙස පවත්වා ඇත්තේ. අදාළ ජීප් රථය පැදවූ සිසුවාද එම අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. ඔහු ඇතුළු ජීප් රථයේ ගමන් ගත් සිසුන් නව දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බදුල්ල මහ රෝහලටයි. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බදුල්ල මහ රෝහල පැවසුවේ.