Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලි බිල ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති අනාවැකියක් කියයි




විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10කින් පමණ දැකගත හැකි බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව අවස්ථා කිහිපයකදී දේශපාලඥයින් විදුලි බිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් බවයි.

බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම ආයතනවලට දේශපාලන මැදිහත්වීම් බහුල නිසා බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවා.