Sunday, April 28, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් අතයට ගණුදෙණුවක් ගැන පරීක්ෂණයක් - ජානක වක්කුඹුර කියයි



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දි මුදල ලබාගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් අතයට ගණුදෙණුවක් සිදුවූයේදැයි පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.


එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය මීටත් වඩා සක්‍රියව සිදුවිය යුතුව තිබූ බව තමාගේ ද මතය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහභාගිවූ වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.