Sunday, April 28, 2024

General line - 0115112241

රට කැළඹූ කළුතර සිද්ධියේ අලුත්ම කතාව



කළුතරදී 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ  නියෝගයකට අනුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

කළුතර ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පිටුපස තිබී මෙම පැසැල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ ඉකුත් සෙනසුරාදායි. 

කළුතරදී 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධිය රට පුරා ඇති කළේ දැඩි ආන්දෝලනයක්. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ පුවත් පළවෙමින් තිබෙනවා.

සැබෑ ලෙසම කළුතර සිද්ධියට වගකිව යුත්තේ කවුද ? මෙවැනි සිදුවීම් සිදුවන්නේ ඇයි ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ද ඊයේ රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.


අතීතයේ මෙවැනි සිදුවීම් සිදුවූයේ නැත්ද ?


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් වෙබ් අඩවියේ ඇතුලත්.