Saturday, September 30, 2023

General line - 0115112241

තුර්කිය තවත් වසර 05 කට අර්ඩගොන්ට හිමිවන ලකුණු.




ඊයේ පැවැති තුර්කි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ප්‍රතිඵල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා.

දැනට නිකුත් වී ඇති ප්‍රථිපල වලට අනුව ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් සිය ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු හිමිකරගෙන සිටින ඡන්ද ප්‍රතිශතය සියයට 49.4 ක්.

ප්‍රතිවාදී අපේක්ෂක කෙමාල් කිලික්ඩරොග්ලු සියයට 45.0 ක ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටිනවා.

රිසෙප් තායිප් අර්ඩගොන් සිය පක්ෂ මූලස්ථානයේ සඳළුතලයේ සිට පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ තමන් තවත් 5ක් සඳහා ජනාධිපතිධූරය හිමිකර ගන්නා බව විශ්වාස බවයි.

එමෙන්ම ඊයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එර්ඩෝගන්ගේ සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගනු ඇති බව ද අපෙක්ෂා කෙරෙනවා.