Friday, April 26, 2024

General line - 0115112241

චීනය දරු උපත් ඉහළ නැංවීමේ මෙහෙයුමක




පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා චීන බලධාරීන්ගේ නවතම පියවර අනුගමනය කරමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සඳහා නියමු ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇති බවයි.

මිත්‍රශීලී දරුවන් බිහිකිරීමේ පරිසරයක් සඳහා "නව යුගයේ" විවාහ සහ දරුවන් බිහිකිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම චීනයේ අරමුණයි.

චීනයේ පවුල් සැලසුම් සංගමය විසින් කාන්තාවන් විවාහ වීමට සහ දරුවන් ලැබීමට දිරිගැන්වීමේ ව්‍යාපෘති දියත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විවාහය ප්‍රවර්ධනය කිරීම, සුදුසු වයස්වල දරුවන් ලැබීම, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදා ගැනීමට දෙමාපියන් දිරිමත් කිරීම සහ දෑවැද්ද ලබාදීම සහ අනෙකුත් යල් පැන ගිය චාරිත්‍ර වාරිත්‍ර සීමා කිරීම දරු උපත් ඉහළ නැංවීම වෙනුවෙන් චීනය ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇතැයි සඳහන්.

විවාහය සඳහා මෙන්ම දරුවන් බිහිකිරීම සඳහා තරුණ තරුණියන් යොමු කිරීම චීන බලධාරීන් දැඩි උත්සහයක නිරත වී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කලා.