Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියන් සාගරයේදී චීන ධීවර යාත්‍රාවක් අනතුරට ශ්‍රී ලංකාවේත් සහය ඉල්ලයි




ඉන්දියන් සාගරයේ ලංකාවට දකුණු දෙසින්වූ මුහුදු ප්‍රදේශයේදී චීන ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වී තිබෙනවා.

එම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ කාර්යමණ්ඩලයේ 39 දෙනෙකු එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන ජාතිකයන් 17 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් 17 දෙනෙකු සහ පිලිපීන ජාතිකයින් 05 දෙනෙකු ඒ අතරට අයත් වනවා.

ඔවුන් මුදාගැනීමේ කටයුතු සඳහා චීනය විසින් ඔස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකින් සහය ඉල්ලා තිබෙනවා. 

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 700 ක් පමණ දුරින් සිදුවූ එම අනතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට එම ස්ථානයට ළඟාවීමට දින දෙකක පමණ කාලයක් ගතවීම හේතුවෙන්.