Thursday, April 25, 2024

General line - 0115112241

ජී 7 ට චීනයෙන් දොස්




ජී 7 කණ්ඩායමේ සාමාජික රටවල නායකයින් එක්ව ජපානයේ හිරෝෂිමාවේදී පවත්වන ජී 7 සමුළුව සම්බන්ධයෙන් චීනය විරෝධයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ජී7 රටවල රාජ්‍ය නායකයින් චීනය සම්බන්ධයෙන් පළ කළ අදහස්වලට චීනය එලෙස විරෝධය පළ කර ඇති බවයි.

ඒ අනුව දකුණු චීන මුහුදු කලාපය, චීනයේ මානව හිමිකම් සම්බන්ධ කටයුතු සහ ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලදැයි කියන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත්ව චීනය ඉලක්ක කර ගනිමින් ජී7 නායකයින් විසින් නිකුත් කරන ලද නිවේදනයක් සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී ජී 7 කණ්ඩායම චීනයෙන් ඉල්ලා ඇත්තේ රටවල අභ්‍යන්තර ගැටළු සඳහා මැදිහත්වීම් සිදු නොකරන ලෙසයි.

එමෙන්ම ටිබෙටයේ සහ චීනයේ ෂින්ජියැන් ප්‍රාන්තයේ සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ද ජී 7 රටවල නායකයින් සිය කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.