Friday, April 26, 2024

General line - 0115112241

අංශභාග රෝගීන්ට යළි ඇවිඳීමට හැකි විශ්මිත පරීක්ෂණයක්




මොළයේ සිදුකළ බද්ධ කිරීමකින් පසු අංශභාගය වැළඳුනු රෝගියෙකුට යළි ඇවිදීමට අවස්ථාව උදාවූ අපූරු සැත්කමක් පිළිබඳ විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා.

මෙම දුර්ලබ අවස්ථාව හිමිවී තිබුණේ 40 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකුටයි. ඔහු මීට වසර 12 කට පෙර පාපැදි අනතුරකින් අංශභාග රෝගී තත්ත්වයට පත්ව තිබුණා. 

ස්විස්ටර්ලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම සැත්කම සිදුකර ඇත්තේ කෘථිම ඉලෙක්ට්‍රොනික මෙම පුද්ගලයාගේ මොළයේ තැන්පත් කරමින්.

මේ හරහා ඔහුගේ සිතුවිලි කොඳුඇට පෙළ හරහා පාද වෙත සම්ප්‍රේෂණය කරන බවයි විද්‍යඥයින් පවසා තිබෙන්නේ.

පුද්ගලයාගේ හිස්කබලේ ස්ථාන දෙකකින් සෙන්ටිමීටර් 5 බැඟින්වූ විශ්කම්භයෙන් යුත් වෘත්තාකාර සිදුරු කපා හිස මත සවි කළ හිස්වැසුමක් ආධාරයෙන් රැහැන් රහිතව අදාළ ඉලෙක්ට්‍රොනික ඔහුගේ මොළයට ලබාදීම මෙම පර්යේෂණයේ මූලික කටයුත්ත වී තිබුණා.

එය සාර්ථක වීමෙන් පසු මෙම නෙදර්ලන්ත ජාතිකයාට ආධාරකයක් සහිතව හිටගෙන සොබාවිකව ඇවිදීමට පවා හැකිවූ බවයි පර්යේෂකයින් පැවසුවේ.

කෙසේවෙතත් අදාළ පරීක්ෂණය තවමත් මූලික මට්ටමේ පවතින බැවින් අංශභාග රෝගීන් සඳහා එය ලබාදීමට වසර ගණනක් ගතවනු ඇති බවද මෙම සියුම් ශල්‍යකර්මයට එක්වූ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් පවසනවා.

මෙම නෙදර්ලන්ත ජාතිකයාට අදාළ සැත්කම සිදුකිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ද 2021 වසරේ ජූලි මාසයේ සිටයි.