Saturday, April 20, 2024

General line - 0115112241

මිහින්තලේ පොසොන් උත්සවයට ලයිට් නැත වතුර ඇත




රජයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් නොකළද තමන් වහන්සේ කෙසේ හෝ මුදල් සොයාගෙන මෙවර පොසොන් උත්සවය පවත්වන බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ මුදල් ගෙවීමකින් තොරව ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවයි.


මෙවර පොසොන් උත්සවය සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා. 


රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කිරීම හේතුවෙන් සියලු වියදම් රජය විසින් දරන බවට ජනතාවගේ මතයක් පවතිනවා.

එහෙත් සියලු වියදම් රජය විසින් සිදුනොකරන බවයි මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ.


පොසොන් උත්සවයට මුදල් සොයා භික්ෂූන් වහන්සේලා ඉකුත්දා පින්ඬපාත චාරිකාවක නිරත වුණා.