Saturday, April 27, 2024

General line - 0115112241

අම්බලන්ගොඩ ආඳාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක්




අම්බලන්ගොඩ, ආඳාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ, යතුරුපැදිකරුවෙකු ඉලක්කර ගනිමින්. අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 10 යි 30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

කෙසේවෙතත් වෙඩි ප්‍රහරයෙන් යතුරුපැදිකරුට හානියක් සිදුව නොමැති බවත් යතුරුපැදියට වෙඩි වැදි ඇති බවත් පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිනි තුවක්කුකරුවන් වෙඩිතබා පලාගොස් ඇති අතර එම ස්ථානයේ තිබි උණ්ඩ කොටසක් හමුවි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනවා.