Friday, April 26, 2024

General line - 0115112241

2022 A/L සඳුදා - 2021 නැවත සමීක්ෂණ ප්‍රතිඵල තවම නැහැ




2021 වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් වී නැතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා.

එසේ තිබියදී 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා සිට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් සිසුන් පත්ව ඇති අපහසුතා පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න එහිදී පැවසුවේ උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව උත්තර පත්‍ර පරීක්ෂාව පවා නතර වී ඇති බවයි. 


ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරනු ඇති බවයි.

එහෙත් ලබන සඳුදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් එය කෙතරම් ප්‍රමාණවත්දැයි ගැටළුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා ම පිළිගත්තා.


මේ අතර කෝප් කමිටුව සම්බන්ධයෙන් ද සංවාදාත්මක තත්ත්වයක් මතුවුණා.

මේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ද එහිදී අදහස් පළ කළා.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.


පාර්ලිමේන්තුවේ සජීව දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.