Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගෙනා අයෝමාල් ක්‍රීඩකයාට ගමේදී උපහාර




උස්බෙකිස්තානයේදි පසුගියදා පැවති පස්වෙනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදි මිටර් 400 කඩුළු මතින් දිවිමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් අයෝමාල් අකලංක ක්‍රීිඩකයාට උපහාර පිදිමක් අද හැටන් නගරයේදි සිදු කෙරුණා.

ඔහු අඹගමුව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුවෙක්.

හැටන් බස් නැවතුම්පොල සිට අයෝමාල් අකලංක ප්‍රදේශයේ පාසල්වල තුර්ය වාදක කණ්ඩායම් මධ්‍යයේ හැටන් නගරය හරහා හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත කැදවාගෙන ගොස් තිබුණා.

එහිදී උපහාර පිදිමක් සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.