Saturday, April 20, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගැනීම වළක්වන්න - ෆාස්ටර් ජෙරම් අධිකරණයෙන් ඉල්ලයි




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයායි.

පෙත්සමෙන් ඔහු පවසන්නේ වගඋත්තරකරුවන් විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙයසි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

තමන් මෙරටට පැමිණි වහාම අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

බුද්ධාගම සහ වෙනත් ආගම්වලට අපහාස වන ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.