Saturday, July 27, 2024

General line - 0115112241

ඩොලර් නැතිකරන කරුංකා ජාවාරමක් ගැන මැතිසබයේදී හෙළි කෙරේ




නීති විරෝධීව යළි සිදුවන කරුංකා ප්‍රතිඅපනයනය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් නොලැබීමේ අවධානමක් ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවලින් කරුංකා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරමින් ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේ කිසිදු අගය එකතු කිරීමකින් තොරව මෙම ජාවාරම මේ වන විටද සිදුවන බවයි.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.