Friday, March 29, 2024

General line - 0115112241

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 26ක්




මේ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 26 ක් වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඔහු පැවසුවේ මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.

ප්‍රදේශ කිහිපයකින් ඊයේ දිනයේ ද වෙඩි තැබීම් වාර්තා වුණා. අවිස්සාවේල්ල, තල්දූව නගරයෙන්. එහිදී යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක් තල්දූව නගරය ආසන්නයේ තම නිවස අසල රැඳීසිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණා. 

මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ද ඊයේ වෙඩි තැබීම් දෙකක් වාර්තාවුණා. එක් වෙඩි තැබීමක ඉලක්කය වී තිබුණේ අම්බලන්ගොඩ ජනප්‍රිය පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. ඔහු ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙකු බවයි වාර්තා වන්නේ. අනෙක් වෙඩි තැබීම සිදුව තිබුණේ අම්බලන්ගොඩ, ආඳාදොල ප්‍රදේශයේදීයි. 

මේ අතර කොස් ප්‍රශ්ණයක් මුල් කරගනිමින් රත්මලාන, කොතලාවලපුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු ද ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.