Wednesday, October 23, 2024

General line - 0115112241

පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ කරගන්නේ නෑ - සජිත් කියයි




තමාගේ බිරිද දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පැවසුවේ කිසිදු දිනක තම බිරිද දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් අදහසකින් පසු නොවන බවයි.

ඇය නිරන්තරයෙන් සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සදහන් කලේ මෙරට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තම බිරිද නිරන්තරයෙන් කැපවී සිටින බවයි. තමා හෝ තම බිරිද පවුල් දේශපාලනයට සම්බන්ධ නොවන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා. 

අද අදෑසන ප්‍රචාරය වූ නෙත් නිවුස් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය තුළින්ද සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද දේශපාලනයට පිවීසිමේ අදහසක් නොමැති බව ප්‍රචාරය කෙරුණා.