Saturday, July 27, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා ඉන්ධන බෙදාහැරීම වේගවත් කෙරේ




ඉන්ධන මිල සම්බන්ධයෙන් කල්වේලා ඇතිව ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මෙවර පිරවුම්හල් හිමියන් ඉන්ධන ආනයනය ප්‍රමාද කල බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඵහි උප සභාපති කුසුම් සදනායක පැවසුවේ මේ වන විට පවතින ඉන්ධන පොලිම්වලට ඵයත් හේතුවක් වූ බවයි. 


ඉන්ධන මිල අඩුකිරීමත් සමග ඇතිවූ ඉන්ධන පොලිම් කොලඹ සහ ප්‍රධාන නගරවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද අදත් දැකගත හැකි වුණා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබූ බවයි.

කෙසේවෙතත් හෙට සහ අනිද්දා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවු බවයි.

මෙලෙස ඉන්ධන පෝලිම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉකුත් සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීමයි.

අවම තොග පවත්වාගෙන නොයාම ද මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වීමට හේතු වී තිබෙනවා.

ඵමෙන්ම  ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ ක්ෂණිකව ඉන්ධන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාමද මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවීමට තවත් හේතුවක්. 

ඵ් අනුව අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.