Friday, April 19, 2024

General line - 0115112241

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන දිනය අදයි




ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය අදයි.

අවසන් තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව  සහ ඉන්දියාව අතරයි. 

ඒ, ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගනයේදීයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියාව ඊයේ දිනය නිමා වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03 කට ලකුණු 327 ක් රැස්කර ගෙන සිටියා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වන ට්‍රැවිස් හෙඩ් පන්දු 156 කදී නොදැවී ලකුණු 146 ක් රැස් කර ගෙන සිටිනවා.

ඔහුට අනගි සහයක් ලබාදුන් ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 95 ක් රැස්කර ගෙන සිටිනවා.