Saturday, September 30, 2023

General line - 0115112241

'ලෝකයේ ගැඹුරුම හෝටලය' බ්‍රිතාන්‍යයේදී විවෘත කෙරේ




මීටර් 400ක් පොළොව යටට වී මිනිසුන්ට විවේක ගැනීමට හැකි පරිදි නව හෝටලයක් විවෘත කර තිබෙනවා.

'ලෝකයේ ගැඹුරුම හෝටලය' ලෙසින් හඳුන්වනු ලබන මෙය ඩීප් ස්ලීප් හෝටලය එක්සත් රාජධානියේ උතුරු වේල්සයේ එරිරි ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන ස්නෝඩෝනියා කඳුකරයට යටින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම  හෝටලය තුල කාමර 4ක් ඉදි කර ඇති අතර සති අන්තයේ පමණක් මෙහි නවාතැන් ගැනීමට විවෘත කරන බව හෝටලයේ අයිතිකරුවන් සදහන් කර තිබෙනවා.

තවද මෙහි පැමිනෙන සංචාරකයන්ට ශරීර ආරක්‍ෂිත උපකරණ කිහිපයක් සහ එහි පරිසරය පිළිබඳ තොරතුරු රැසක් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රාත්‍රියක නවාතැන් ගැනීමට  හෝටලයට පැමිණෙන  පුද්ගලයන් දෙදෙනෙකු සඳහා  පවුම් 350ක් අය කරන බව ද සඳහන්.