Saturday, April 20, 2024

General line - 0115112241

කැන්ගරු සටනට සිංහ පිළට නව මුහුණු කිහිපයක්




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා යොවුන් කි‍්‍රඩකයින් කිහිපදෙනෙකු ශී‍්‍ර ලංකා සංචිතයට නම් කර ඇතැයි වාර්තා වනවා.

ඉකුත් එංගලන්ත සංචාරයේදී පිට පිටම ශතක දෙකක් වාර්තා කළ වයස අවුරුදු 19න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවිශ්ක ප‍්‍රනාන්දු ඊට ඇතුළත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එංගලන්තයේදි දස්කම් දැක් වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියද ඊයේ මෙවන් අනාවැකියක් පළ කළා.

මේ අතර ශී‍්‍ර ලංකා සංවර්ධන පිල නියෝජනය කරමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අමිල අපොන්සුද ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට නම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

තිලකරත්න ඩිල්ෂාන්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරාද අදාළ සංචිතයට නම් කර ඇතැයි සඳහන්. යොවුන් කී‍්‍රඩකයින් වන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලක්ෂාන් සැඳකැන්, ධනුෂ්ක ගුණතිලකද සංචිතයට එක්වනු ඇති.