Wednesday, February 19, 2025

General line - 0115112241

මෙරට බහුදින ධීවර යාත්‍රාවකට ප්‍රහාරයක්



ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ විදේශීය යාත්‍රාවකින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මීගමුව ධීවර වරායෙන් පසුගිය ජුනි මස 22 වනදා ධීවරයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබූ “සචින්ත පුතා” නමැති බහුදින ධීවර යාත්‍රාව එලෙස ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙරට බහුදින ධීවර යාත්‍රාව අදාළ විදේශීය යාත්‍රාවේ ගැටීම හේතුවෙන් එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

ඒ පිළිබද කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත්වීමෙන් අනතුරුව සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

අදාළ ධීවරයා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවද නාවික හමුදාව පැවසුවා.

ගාල්ලේ සිට නාවික සැතපුම් 431 ක් පමණ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.