Saturday, May 18, 2024

General line - 0115112241

දීර්ඝ කාලයක් කෑමවලට යෙදූ රසකාරකයක් පිළිකාකාරකයක් බවට අනාවරණයක්




1980 සිට ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් පිළිකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කර තිබෙනවා. ලොව ප්‍රමුඛතම සංවිධානයක්, කෘත්‍රිම රසකාරකයක් සම්බන්ධයෙන් මෙවැනි අනාවරණයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි. ඇස්පාටෙම් නම් මෙම කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වියහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

විශේෂයෙන් අක්මා ආශ්‍රිත පිළිකා ඇති විය හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ පරීක්ෂණයකදි අනාවරණ වී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම කෘත්‍රිම රසකාරකය භාවිත කරන්නේ අඩු සීනි පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සඳහායි. ආහාර පාන, චුයින්ගම්, ජෙලටින්, අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිශ්පාදන, උදෑසන ධාන්‍ය ආහාර, දන්තාලේප, කැස්ස සඳහා භාවිත කරන ඖෂධ සහ සපා කෑමට නිර්දේශ කරන ඖෂධ ඇතුළු නිශ්පාදන රැසක් සඳහා මෙම කෘතිම රසකාරකය භාවිත කරනු ලබනවා