Saturday, July 27, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති අද එකම වේදිකාවකට




යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණු රජයේ ප‍්‍රථම සංවත්සර සැමරුම් උළෙල මාතරදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සැමරුම් උළෙලේ තේමාව වන්නේ ‘‘අලූත් රටක් එක ගමනක්’’ යන්නයි.

සැමරුම් උළෙල සඳහා ජාතික ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමැතිවරුන්ද සහභාගි වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ති‍්‍රක් බල මණ්ඩලය එක්ව සැමරුම් උළෙල සංවිධාන කිරීමද විශේෂත්වයක්.