ඉන්දියාව සිය ගුවන් යානා බලඇණියට අළුතින් ප්‍රහාරක ජෙට් යානා 26 ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රංශයේ නිෂ්පාදිත රෆායෙල් වර්ගයේ අතිනවීන ප්‍රහාරක ජෙට් යානා එලෙස මිලදී ගන්නා බව සහ එම ගනුදෙනුව මේ වනවිටත් ස්ථිර කර ඇති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට සමගාමීව එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ප්‍රහාරක ජෙට් යානාවලට අමතරව ඉන්දියාව ප්‍රංශයෙන් යුධ කටයුතු සඳහා භාවිත කරන ස්කෝපීන් වර්ගයේ සබ්මැරීන 03 ක්ද මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.