Saturday, July 27, 2024

General line - 0115112241

බොල්ට් තෙවන වරටත් 200 රන් පදක්කම දිනූ ඓතිහාසික මොහොත මෙන්න (VIDEO)




රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සමත් වුණා.

ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්පර 19 යි දශම 7 යි 9 ක්.

මෙහි රිදී පදක්කම කැනඩාවේ Andre De Grasse ද, ලෝකඩ පදක්කම ප්‍රංශයේ Christophe Lemaitre විසින්ද දිනාගනු ලැබුවා

මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තේ උසේන් බෝල්ට්.

මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ පිට පිට ඔලිම්පික් රන් පදක්කම් 3ක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස බොල්ට් මෙහිදී ඉතිහාසයට එක්වුණා.