Friday, May 3, 2024

General line - 0115112241

ඩොනල් ට්‍රම්ප්ට අපරාධ චෝදනා 40ක්




අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ, රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්. ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිවසේ ආරක්ෂක දර්ශන මකා දැමීමට සේවකයෙකුට බලපෑම් කළ බවටයි මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත්තේ.


නව අධිචෝදනා පත්‍රය මඟින් ආරක්ෂක තොරතුරු හිතාමතා රඳවා තබා ගැනීම සහ බාධා කිරීම් යන ප්‍රධාන චෝදනා එල්ල වී ඇති අතර ඒ යටතේ චෝදනා 40 ක් ඉදිරිපත් කර තිබෙනවා. රහස්‍ය ලේඛන ළඟ තබා ගත් බවට මිට පෙර ඩොනල් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඊට අදාළ පරීක්ෂණය යටතේ ඔහුගේ නිවසේ පහළම මාලයේ නිරීක්ෂණ දර්ශන ඉල්ලා තිබුණද ආරක්ෂක කැමරාවලින් දර්ශන මකා දැමීමට කටයුතු කර ඇති බවටයි දැන් පැවසෙන්නේ.


කෙසේ වෙතත් ඩොනල් ට්‍රම්ප් පවසන්නේ තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවයි. යළි ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන බැවින් හිතා මතා නඩු ගොනු කරන බවටයි ට්‍රම්ප් පාර්ශවය චෝදනා කරන්නේ.