Monday, May 20, 2024

General line - 0115112241

හේරත් තවත් පිම්මක් පනියි – කිසිවෙකු ‘නොසිතූ‘ පැත්තකිනුත් ඉදිරියටම ඇවිත්




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම හිමිකර ගැනීමට රංගන හේරත් සමත් වුණා.

මෙම සම්මාන ඔහුට හිමි වූයේ ටෙස්ට් තරඟාවලියේ තරඟ 3කදී කඩුලු 28ක් දවා දැක්වූ දස්කම් හේතුවෙනුයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම්හි 5වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද රංගන හේරත්ට හැකියාව ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් පන්දු යවන්නෙකු පමණක් නොව තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසද ජාත්‍යන්තර ශ්‍රේණි ගතකිරීම්හි ඉදිරියට පැමිණීමට රංගන හේරත්ට හැකිව තිබෙනවා.

නවතම ජාත්‍යන්තර ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩයන් ශ්‍රේණි ගතකිරීම් ලයිස්තුවේ 9වන ස්ථානය රංගනට හිමිව තිනෙවා.

පසුගිය තරඟාවලදී ඔහු පිත්තෙන් දැක්වූ දස්කම් මීට හේතු වී තිබෙනවා.

නිමාවූ ඕස්ට්‍රේලියානු සංචාරයේදී තරඟ 3කදී ඔහු ලකුණු 119 ලබාගත් අතර එහි සාමාන්‍ය දැක්වෙන්නේ 23.80ක් ලෙසයි

එමෙන්ම පසුගිය එංගලන්ත සංචාරයේදීත් ඔහු තරඟ 3කදී ලකුණු 109ක් ලබාගෙන තිබුණේ පිතිකරු සමාන්‍ය ලෙස 21.80ක් රඳවා ගනිමිනුයි.

14054594_1169084693166628_864326467_n