දකුණු කොරියාවේ සිට දේශසීමාව හරහා උතුරු කොරියාවට පලා ගිය අමරිකානු සොල්දාදුවා සිය අත්අඩංගුවේ සිටින බව උතුරු කොරියාව පිළිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ බව නිවේදනය කර ඇති බවයි. ඒ, අදාළ සොල්දාදුවා සම්බන්ධයෙන් තොරතුරක් ඉදිරිපත් කරන ලෙස අමෙරිකානු බලධාරීන් දිගින් දිගටම උතුරු කොරියාවෙන් කළ ඉල්ලීම් හමුවේයි. ඒ අනුව එම සොල්දාදුවා සම්බන්ධයෙන් උතුරු කොරියාව පළමුවරට ප්‍රතිචාර දැක්වූ අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් එම සොල්දාදුවා සම්බන්ධයෙන් උතුරු කොරියාව දැක්වූ ප්‍රතිචාර පිළිබඳ වැඩිදුර තොරතුරු මේ මොහොතේ නිකුත් නොකරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ. එහෙත් ඔහු යළි ගෙන්වා ගැනීම සඳහා උත්සහ කරන බවද එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
23 හැවිරිදි වියේ පසුවන ට්‍රැවිස් කින්ග් නමැති එම අමෙරිකානු සොල්දාදුවා දකුණු කොරියාවේ සිට උතුරු කොරියාව වෙත පළා ගොස් තිබුණේ ඉකුත් 18 වනදායි. ඔහු සංචාරක කණ්ඩායමක මාර්ගෝපදේශකයෙකු ලෙස සිටියදී එලෙස පළා ගොස් තිබුණා.